Friday, October 2, 2009

මීදුමෙන් වැසී

මීදුමෙන් වැසී කදු යාය සලිත වී
ඔය වාගේ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගේ ආද‍රෙන් හිනැහේවි ලං වේවී
ලා හිරුගේ සෙවනේ විඩා නිවා එ සුවයේ නැලවෙන්න නෙත් පියා

සේද නිල්ලේ මල් යායේ
ඇවිද යන්නයි හිත් මානේ
ඔබය මාගේ රජ දහනේ
කිරුල හිමි වු මනමාලි

ඔබය හීනය සන්තානේ
වැතිර ඉන්නයි මේ හීනේ
සිහින විමනේ සිහිලැල්ලේ
ඉගිල යාදෙන් මැවු හීනේ

මීදුමෙන් වැසී කදු යාය සලිත වී
ඔය වාගේ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගේ ආද‍රෙන් හිනැහේවි ලං වේවී
ලා හිරුගේ සෙවනේ විඩා නිවා එ සුවයේ නැලවෙන්න නෙත් පියා

මුහුදු වෙරලේ රළ වාගේ
ඇවිත් කොදුරන් රන් ආලේ
හමන නළ සේ හැන්දෑවේ
තුරුලු වී ඉගිලෙමි ආයේ

නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගේ ආද‍රෙන් හිනැහේවි ලං වේවී

ගායනය :සංතුශ් / නිරොෂා වීරාජිනී

සිංදුව ගන්න

ඔන්න අද පටන් ගත්තේ සිංදුවකින් අද කියන්න නම් යන්නේ කොහොමද සිංදුවකට සිංහලෙන් lyrics (භාවගීතය)දාන්නේ කොහොමද කියන එකයි.

බලන්නකො පහල පින්තුර ටික

ඉස්සොරොම පුස්ථකාලයට ගිහිල්ලා lyrics දාන්න ඔන සිංදුව උඩ right click ක‍රලා advance tag editor යන්න ඊට පස්සේ lyrics ටැබ් එකට යන්න.







synchronized lyrics වලට යන්න(මෙතෙන්දී ක‍රන්නේ නියමිත වෙලාවෙදී lyrics පෙන්විය යුතු කාලය වෙනස් ක‍ර ගැනීමයි)




1.පද පෙලි එකතු ක‍රන්න
2.එකතු කල පද පේලියක් ඉවත් කිරීමට
3.පද පෙලිය නැවත සැකසීමට
4.ගීතය වාදනය කීරීම්ට
5.පද පෙලිය පෙන්විය යුතු කාලය වෙනස් කීරීමට


(lyrics පෙන්නේ නැතිනම් සක‍්රිය ක‍ර ගැනීමට)


බලන්නකො මම පොස්ට් ක‍රලා තියෙන සිංදුවට lyrics දැම්ම සිංහලෙන් හ‍රියට පේනවද කියලා
හැබැයි එක දෙයක් තියෙනවා කියන්න සිංදුව හොයා ගත්තෙත් අන්ත්ර් ජාලයෙන් තමයි.ලස්සන සිංදුව.....අහලා බලන්න

2 දෙනෙකු අදහස් දැක්වුවා:

  1. mata loku udawwak oni රත්නපුරින් ගෙන ආ සමන්මල් ගිතය හොයල දෙනවද ලොකු උදවුව ක්

    ReplyDelete
  2. අනේ අපොයි කාගෙද එ ගීතය

    ReplyDelete

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.